Ridena Than - Yasiru Thanthirige

Lyrics
පාට මැකී ගිය සිතුවමේ
යලි පාට තවරන්න බෑනේ
අත්හැරීගිය දෑඟිලි
ආයේ පැටලෙන්නේ නෑනේ
බිඳුනු හදවතක හිස්තැන් අතරේ පෑරෙනා
නිමවූ ප්‍රේමෙක ඉතිරි වූ සංවේදනා
රිදෙන තැන් තෙමන හාදුවක් ලෙසින්
ඈ ඇවිත් නෙතක කඳුලැලිත් අරන්
තවත් නෑ සෙනෙහේ කාලෙකට කලින් මියැදී
සිහින මාලිගය සුන්ව ගිය හැටි
තනිව මා සිතින් දරාගත් හැටි
තවත් නෑ සෙනෙහේ කාලෙකට කලින් මියැදී
මතක අවුස්සන කඳුලු කතන්දර බෝමයි
වෙන්වී යන්නෙත් ආයෙත් එන්නෙත් ඔබමයි
ගෙවුනු අතීතය තවත් මතකයක් පමණයි
නොලැබෙන ඔය නෙතු කඳුලින් තෙමන්නේ නෑමයි
හමුවීමක මෙතරම් විඳවීමක් ඇතිදැයි නොසිතුනා
ප්‍රේමය මෙයනම් උරුම කඳුලු බිඳු අතරින් හිනැහෙනා
රිදෙන තැන් තෙමන හාදුවක් ලෙසින්
ඈ ඇවිත් නෙතක කඳුලැලිත් අරන්
තවත් නෑ සෙනෙහේ කාලෙකට කලින් මියැදී
සිහින මාලිගය සුන්ව ගිය හැටි
තනිව මා සිතින් දරාගත් හැටි
තවත් නෑ සෙනෙහේ කාලෙකට කලින් මියැදී