Aadareka Patalum - Rusith Vibhashitha Ft Nethsara Weragoda
<p><span style="color: rgb(19, 19, 19); font-family: Roboto, Arial, sans-serif; font-size: 14px; white-space-collapse: preserve;">Pre Chorus
ස්නේහයට බර වූ අතීතෙක
හීන මං සොයනා සැදෑවක
තාම හිත රැවටූ නුඹේ ඔය ආදරෙක පැටලුම් ලිහමි මම
සිහිනයක බැඳුනේ ඇයිද තව
කාලයට නොදැනේද අපේ දුර
මතක යළි අපගේ නොවන මේ ප්‍රේමයක හැටිලූ
Bridge 1
ඔබ ආදරෙයිද මා වගේ
නුඹ දන්නවා හිතින් නුඹේ
පෙරුමන් පුරා රැදෙන් කෙසේ
ඉන්නම් බලා දුරින් මෙසේ
Chorus
දැනෙනා මේ වේදනා
නුඹ නෑ කියන්න මා හා
මොහොතක් හැකිනම් නොයා
ළඟ ඉන්න පෙරමෙන් ඔයා
Verse
නුඹ දැන දැනත් රිදවනා මේ
හිත තව තවත් පෑරෙනා
රූරා ගලයි කඳුලු දෑසේ
තාමත් හදේ වියැකෙනා
විදවන බවත් නොදැනුනා සේ
ඔබ දුර ගිහින් නැවතුනා
මේ හිත කියයි ගෙවුනු කාලේ
නොදැනීම අප වෙන් කලා
Bridge 2
නුඹගේ ඔය පෙම් හිනාවක
කොපුලේ ඇදි රූ රටාවක
පෙරුමන් පුරමි සංසාරෙක
ආයෙත් සොයමි මතු භවයක
Chorus
දැනෙනා මේ වේදනා
නුඹ නෑ කියන්න මා හා
මොහොතක් හැකිනම් නොයා
ළඟ ඉන්න පෙරමෙන් ඔයා</span></p>